පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4309/’13
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්දෙණිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි බැලැක්ස්ටෝන් වත්ත හෙවත් බාබර් වත්ත නමැති ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම වෙත පවරාගෙන තිබේද;
(ii) එසේ නම්, එම පවරා ගැනීම සිදුකර ඇති වර්ෂය සහ ඊට අදාළ කරගත් නීති විධිවිධාන කවරේද;
(iii) එම ඉඩමට අයත් සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;
(iv) එහි මුල් අයිතිකරු කවුරුන්ද;
(v) එම ඉඩමේ මේ වන විට වගාකර ඇති කෘෂිකාර්මික බෝග වර්ග කවරේද;
(vi) වාර්ෂිකව ඉන් ලැබෙන ආදායම කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පුන්‍ය ආයතනයක් බව හුවා දක්වන ආයතනයක් විසින් මේ වන විට එම ඉඩම නීති විරෝධීව භුක්ති විඳින බවත්;
(ii) රට පුරා එම ආයතනය සතු ඉඩම් පවතින බවත්;
(iii) මෙය පුන්‍ය ආයතනයක් නොව වාණිජමය ආයතනයක් බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සිදුකළ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) පවත්නා නීති විධිවිධාන අනුව විධිමත් පරීක්ෂණයක් සිදු කර බැලැක්ස්ටෝන් වත්ත නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-18
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: බැලැක්ස්ටෝන් වත්ත
පිළිතුරු දුන් දිනය
2014-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks