E   |     |  

 දිනය: 2014-04-24   පිළිතුර ලබා දී ඇත 

4317/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4317/’13

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       පිරිවෙන් අධ්‍යාපන ආයතන සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී සලකා බලනු ලබන මූලික අධ්‍යාපන සුදුසුකම් කවරේද;

                  (ii)       එම ආයතන සඳහා අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාවේ හිඟයක් තිබේද;

        (iii)  එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ වර්තමාන අධ්‍යක්ෂවරයා කවුරුන්ද;

        (ii)  ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

        (iii)  එම අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට අයත් නිලධාරියෙක්ද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 

      (ඇ)   නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2014-04-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිරිවෙන් ගුරුවරුන් බඳවා ගැනීම : සුදුසුකම්

පිළිතුරු දුන් දිනය

2014-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks