E   |     |  

 දිනය: 2014-06-17   පිළිතුර ලබා දී ඇත 

4334/ 2014 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4334/’13

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මේ වන විට ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පුරප්පාඩු පවතින්නේද;

                   (ii)      එසේ නම්, විදුහල්පති පුරප්පාඩු පවතින එම පාසල් කවරේද;

                  (iii)      එම පුරප්පාඩු පිරවීම සඳහා මෑතකදී අයදුම්පත් කැඳවනු ලැබුවේද;

      (iv) එසේ නම්, එම දිනය කවරේද;

      (v) එම අයදුම්පත් කැඳවීමෙන් පසුව තෝරාගන්නා ලද විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ජාතික පාසලක  විදුහල්පතිධූරයක් දැරීම සඳහා තිබිය යුතු අධ්‍යාපනික සුදුසුකම් කවරේද;

      (ii) දැනට සේවය කරන ජාතික පාසල් විදුහල්පතිවරුන් ඉහත සඳහන් සුදුසුකම් සපුරා තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-17

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික පාසල් : විදුහල්පති පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks