E   |     |  

 දිනය: 2014-04-23   පිළිතුර ලබා දී ඇත 

4408/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4408/’13

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ හා ස්වේච්ඡා සංවිධාන මගින් පාලනය වන ළමා නිවාසවල වාසය කරන දරුවන් එම ළමා නිවාසවලින් පිටමං කර සමාජගත කිරීම සිදුකරනු ලබන වයස් සීමාව කවරේද;

        (ii)  එම වයස් සීමාවට එළැඹෙන තෙක් ළමා නිවාස තුළ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට ගෙන ඇති පියවර කවරේද;

        (iii)  ළමා නිවාසවලින් පිටමං කරන දරුවන්ගේ  අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා  ගෙන ඇති පියවර කවරේද;

        (iv)  ඔවුන් ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් මත කිසියම් රැකියා අවස්ථාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-04-23

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ළමා නිවාස දරුවන්: සමාජගත කිරීම

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු තිස්ස කරල්ලියද්ද මහතා, පා.ම., පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks