පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4416/’13
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන කිලෝවොට් 220 අධි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම නිසා අගතියට පත් පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සෑම පවුලකටම වන්දි ගෙවා තිබේද;
(iii) එලෙස ගෙවා ඇති වන්දි මුදල්වල වටිනාකම කොපමණද;
(iv) ඉහත සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේදී මෙතෙක් වන්දි නොලැබුණු, අවතැන්වූ පිරිසක් සිටින්නේද;
(v) එම පිරිසට වන්දි ගෙවීම ප්‍රමාදවීමට හේතු කවරේද;
(vi) ඉහත ව්‍යාපෘතියට අදාළව ගෙවිය යුතු සියලුම වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට ගතවන කාලය කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-20
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නොරොච්චෝලේ සිට අනුරාධපුරය දක්වා ඉදිවන අධිසම්ප්‍රේෂණ මාර්ගය: අවතැන්වූවන්ට වන්දි
පිළිතුරු දුන් දිනය
2016-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රේමලාල් ජයසේකර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks