පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4431/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදුලි පණිවිඩයක් (ටෙලිග්‍රෑම්) යැවීම සඳහා අය කළ සාමාන්‍ය ගාස්තු ක්‍රමය කවරේද;
(ii) ටෙලිමේල් සේවාව සඳහා අදාළ ගාස්තු ක්‍රමය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආයතන සංග්‍රහය අනුව රජයේ සේවකයින්ට රාජකාරියට වාර්තා කිරීමට අපහසු අවස්ථාවන්හිදී, ඒ පිළිබඳව නිල වශයෙන් තම කාර්යාලයට දැනුම් දීමේ පිළිගත් ක්‍රමය වූයේ විදුලි පණිවිඩ සේවාව බව පිළිගන්නේද;
(ii) එම ක්‍රමය වෙනුවට විධිමත් ටෙලිමේල් ක්‍රමයක් භාවිතා කිරීමේ අවස්ථාව රජයේ සේවකයින්ට ලබාදී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-07
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ටෙලිමේල් සේවාව : ගාස්තු ක්‍රමය
පිළිතුරු දුන් දිනය
2014-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks