බලන්න

E   |     |  

 දිනය: 2013-12-20   පිළිතුර ලබා දී ඇත 

4436/ 2013 - ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4436/’13

       

      ගරු තලතා අතුකෝරල මහත්මිය,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      රත්නපුර, තිරිවානකැටියේ සිට අගලවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා  සංවර්ධනය කරන්නේද;

                   (ii)      එසේ කාපට් කිරීමට නියමිත මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කොපමණද;

      (iii) ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

      (iv) ඒ සඳහා ගිවිසුම් අත්සන් කර ඇති සමාගම් කවරේද;

      (v) ගිවිසුමට අනුව එම මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

      (vi) දැනට කාපට් අතුරා වැඩ අවසන් කර ඇති මුළු දුර ප්‍රමාණය කොපමණද;

      (vii) වැඩ අවසන් කර ඇති ප්‍රමාණය එක් එක් සමාගම අනුව, වෙන් වෙන්  වශයෙන් කොපමණද;

      (viii) මේ වන විට මෙම සමාගම් සඳහා ගෙවා ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-12-20

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තිරිවානකැටිය - අගලවත්ත මාර්ගය: කාපට් ඇතිරීම

පිළිතුරු දුන් දිනය

2013-12-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks