E   |     |  

 දිනය: 2014-08-20   පිළිතුර ලබා දී ඇත 

4485/ 2014 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4485/’13

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       බලන්ගොඩ, කල්තොට දිසා රෝහල මේ වන විට අබලන්ව වැසී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බව එතුමා දන්නෙහිද?

      (ආ)     කල්තොට දිසා රෝහලෙන් වෛද්‍ය සේවා ලබා ගන්නා පවුල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  (i)  එම රෝහලෙහි කාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවත්නා බවත් සහ නිසි පරිදි සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති බවත් පිළිගන්නේද;

        (ii)  එම රෝහලෙහි සේවය කරනු ලබන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සේවක සේවිකාවන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  එම රෝහලේ අලුතින් ඉදි කළ යුතු සහ පිළිසකර කළ යුතු ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

        (iv)  ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා එම රෝහලට අවශ්‍ය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලු පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-20

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks