E   |     |  

 දිනය: 2014-06-19   පිළිතුර ලබා දී ඇත 

4508/ 2014 - ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4508/’13

       

      ගරු අබ්දුල් හලීම් මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වර්ෂ පහළොවකට ආසන්න කාලය තුළ විවිධ අවස්ථාවලදී වර්ෂාව නිසා අකුරණ නගරය ජලයෙන් යට වූ බවත්;

                  (ii)       නගරය ජලයෙන් යටවීම හේතුවෙන් ව්‍යාපාර ස්ථානවලට හා නගරවාසීන්ට  අතිවිශාල අලාභයක් සිදු වී ඇති බවත්;

        (iii)  අකුරණ නගරය ජලයෙන් යට වූ අවස්ථාවලදී යාපනය - මහනුවර මාර්ගය (A9) භාවිතා කිරීමට නොහැකි වූ බවත්;

        (iv)  1997 වර්ෂයේදී අකුරණ නගරය ජලයෙන් යට වූ අවස්ථාවේදී නිලධාරීන්ගේ උපදෙස් අනුව නගරය ඔස්සේ ගලා යන ඇළ මාර්ගය අවහිර   වන ලෙස ඉදිකර තිබූ  ගොඩනැගිලිවල කොටස් ඉවත් කළ බවත්;

        (v)  අකුරණ මහ පල්ලියේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් රුපියල් මිලියන 5ක පමණ වියදමෙන් එකී ඇළ මාර්ගයේ රොන් මඩ දෙවතාවක් ඉවත් කළ බවත්;

        (vi)  එමෙන්ම ඇළට යාබදව තිබූ සියලුම ලී මෝල් ඉවත් කරන ලද බවත්;

        (vii)  එසේ වුවද, 2013 ඔක්තෝබර් මස 31 වැනි දින ඇද හැලුණු වර්ෂාවෙන් අකුරණ නගරය නැවත ජලයෙන් යට වූ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  අකුරණ නගරය ජලයෙන් යටවීමේ ගැටලුව විසඳීම සඳහා රේඛීය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, අනෙකුත් අමාත්‍යාංශ ද සම්බන්ධ කර ගෙන යම් අධ්‍යයනයක් කර තිරසාර පිළියමක් යෙදීමට ක්‍රියා කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-19

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අකුරණ නගරය ජලයෙන් යට වීම : පිළියම්

පිළිතුරු දුන් දිනය

2014-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks