E   |     |  

 දිනය: 2014-06-05   පිළිතුර ලබා දී ඇත 

4567/ 2014 - ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4567/’13

       

      ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

       (අ)        (i)      මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් කර ඇති ආකාරයට වයස අවුරුදු 18 සිට 22 දක්වා සෑම අයෙකුටම තම අභිමතාර්ථය අනුව අවශ්‍ය තෘතීයික අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා මුදලක් වෙන්කර දීම සඳහා රජය කටයුතු කර තිබේද;

      (ii) එසේ නම්,  මේ වන විට එම පහසුකම ලබා ගෙන ඇති තරුණ තරුණියන් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය කවරේද;

      (iv) ලබා දෙන එම මුදල  නැවත අය කර ගනු ලබන්නේද;

      (v) එම මුදල නැවත අය කර ගනු ලබන්නේ නම්, එකී මුදල භාවිතා කරනු ලැබූ  අධ්‍යාපනය හෝ පුහුණුව අවසන් කිරීමෙන් කොපමණ කාල සීමාවකට පසුව එය අය කරනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) (i) මේ දක්වා එම පහසුකම ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර නොමැති නම්, මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් එම තරුණ තරුණියන්ට ලබා දී ඇති එම පොරොන්දුව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පියවර ගනු ලබන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද; 

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-05

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තෘතීයික අධ්‍යාපනය සඳහා මූල්‍ය පහසුකම් : ක්‍රියා පටිපාටිය

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks