E   |     |  

 දිනය: 2014-06-18   පිළිතුර ලබා දී ඇත 

4587/ 2014 - ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4587/’13

       

      ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)       කොළඹ නගරය තුළ “කැසිනෝ” කිහිපයක් ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)       2013.11.29 දින වන විට කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වූ “කැසිනෝ” සංඛ්‍යාව සහ ඒවායේ ලියාපදිංචි නම් කවරේද;

      (ii) 2006 වර්ෂයේ සිට 2012 දක්වා සහ 2013 වර්ෂයෙහි මුල් කාර්තු තුන සඳහා ඉහත එක් එක් ආයතනය විසින් ගෙවිය යුතු වාර්ෂික බදු, අයකිරීම් සහ වෙනත් ගාස්තු කවරේද;

      (iii) ඉහත එක් එක් ආයතනය විසින් ඉහත කී කාල පරිච්ඡේදය සඳහා ගෙවන ලද වාර්ෂික බදු, අයබදු සහ වෙනත් සියලු ගාස්තු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-06-18

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොළඹ නගරය තුළ ක්‍රියාත්මක "කැසිනෝ": වාර්ෂික බදු සහ වෙනත් ගාස්තු

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සරත් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks