පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4630/’13
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් අපනයනය කිරීම සඳහා 2012 අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත්;
(ii) ඒ වෙනුවෙන් දකුණ, නැගෙනහිර, උතුරු මැද හා උතුර යන පළාත්වල සහල් අපනයන කලාප 4ක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් සහල් අපනයන කලාප ආශ්‍රිතව රජය විසින් සහ පුද්ගලික අංශය විසින් ඉදිකර ඇති වී මෝල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා අතරින් බදු සහන යටතේ ඉදිකර ඇති වී මෝල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත සඳහන් සහල් අපනයන කලාපවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ සඳහා තෝරා ගත් ගම්මාන එක් එක් කලාපය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මේ වන විට එම එක් එක් කලාපයෙන් අපනයනය සඳහා ලැබෙන සහල් ප්‍රමාණය කොපමණද;
(iii) ඉහත (ආ)(i) හි සඳහන් එම වී මෝල් පිහිටි ස්ථානවල නම් හා ලිපිනයන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
සහල් අපනයන කලාප: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks