පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4638/’13
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා 2011 වර්ෂයේ අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කරන ලද බව දන්නේද;
(ii) එම මුදල් වැය කර ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන ආයතන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම නිෂ්පාදන ආයතන ආරම්භ කර ඇති දිස්ත්‍රික්ක කවරේද;
(ii) ඒ ඒ දිස්ත්‍රික්කවල ආරම්භ කර ඇති එම ආයතනවල නම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ඉහත (අ)(i) හි සඳහන් මුදල්වලින් පුද්ගලික අංශයේ අය වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මුදල් ආධාර හා උපකරණ ලබා දීම සහ සම්මන්ත්රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය සිදුකර ඇත්නම්, එම ප්‍රතිලාභීන්ගේ නම්, ලිපිනයන් හා ඒ සඳහා වැය වූ මුදල් ප්‍රමාණයන් කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
(ඈ) (i) එම මුදල් වැය කර ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් වෙළෙඳපොළට වාර්ෂිකව නිකුත් කරනු ලබන පොහොර කිලෝග්‍රෑම් ප්‍රමාණය කොපමණද;
(ii) සීමාසහිත ලංකා පොහොර සමාගම මගින් රු.400ක මිලකට කාබනික පොහොර මිලදී ගන්නා බවට කළ සඳහනට අනුව, දැනට මිලදී ගෙන ඇති පොහොර ප්‍රමාණය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-25
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks