පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4660/’13
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යතුමාගෙන් ඇසිමට,—
(අ) (i) ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර තිබේද;
(ii) එසේ නම්, එය ආරම්භ කරනු ලැබූයේ කවදාද;
(iii) ව්‍යාපෘතිය නිම කිරීම සඳහා යෝජිත දිනය කවදාද;
(iv) නොඑසේ නම්, එකී ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමට නියමිතව ඇත්තේ කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගමේ නම කවරේද;
(ii) එකී සමාගමට ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ආකාරය කවරේද; (එනම් එයට අරමුදල් සපයනුයේ ණයක් සහ/ හෝ ප්‍රදානයක් මගින්ද)
(ii) ව්‍යාපෘතියට අරමුදල් සැපයීම සඳහා වගකිවයුතු පාර්ශ්වයන්ගේ ප්‍රභේදනය සහ එක් එක් පාර්ශ්වය විසින් සපයනු ලබන මුදල කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-20
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතිය: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks