පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4713/’14
ගරු මොහමඩ් අස්ලම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම පළාතේ, මාතලේ අධ්‍යාපන කලාපයට අයත්, මා/දුල්ලෑව විදුහලේ උප ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි, ඒ. එල්. එම්. නසීස් මහතා එතෙර නිවාඩු ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද පොදු 126 ආකෘති පත්‍ර අනුව මාතලේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ මා/ගුරුආ/7/281 හා 1989.06.05 දිනැති ලිපිය මගින් 1987.04.01 දින සිට 1992.03.31 දින දක්වා වැටුප් රහිත එතෙර නිවාඩු අනුමත කිරීම නිර්දේශ කරනු ලැබ ඇති බවත්;
(ii) මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අංක මා/ගුරුආ/4/53 හා 2007.11.30 දිනැති ලිපිය මගින් නසීස් මහතාගේ වසර 15ක සතුටුදායක සේවය සැලකිල්ලට ගෙන මොහු නැවත සේවයේ පිහිටුවීම සුදුසු යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශ කොට තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ප්‍රමාද දෝෂයකින් සේවය අත් හැර යාමේ නිවේදනය නිකුත් කිරීම නිසා අසරණභාවයට පත්ව සිටින නසීස් මහතා නැවත සේවයේ පිහිටුවීමට හෝ විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-25
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks