පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4737/’14
ගරු මොහමඩ් අස්ලම් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොලොන්නාව, පන්සල්හේන පාර, අංක 9/1 දරන ස්ථානයේ පදිංචි, ඒ. ඒ. සාබ්ජු මහතා විසින් අංක 38 ශ්‍රී 6185 දරන මහේන්ද්‍රා ජීප් රථය එහි මුල් අයිතිකාරිය වන පී. විජේසූරිය යන අයගෙන් මිලට ගෙන, එම මෝටර් රථයේ ලියාපදිංචිය නිල වශයෙන් ඔහුගේ නමට පවරා ගැනීම පිණිස වර්ෂ 2007 දී අයදුම්පත්‍රයක් (අංක TR 200760250) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇති බවත්;
(ii) වර්ෂ කිහිපයක් ගතවී ඇතත්, උක්ත අයදුම්පතට අනුව මෙතෙක් එම වාහනයේ නීත්‍යානුකූල පැවරීම් කටයුතු සිදු වී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් වාහනයේ ලියාපදිංචි අයිතිය සාබ්ජු මහතාගේ නමට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-06
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks