E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

4738/ 2014 - ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4738/’14

       

      ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       විවිධ විදේශීය ක‍්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන් එම තරගාවලි සඳහා විදේශ රටවලට පිටත් කර යැවීම සඳහා නිසි වැඩ පිළිවෙළක් නොමැති බවත්;

        (ii)  එම තත්ත්වය යටතේ විදේශ ක්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන පාසල් දරුවන්ගේ  දෙමාපියන් දැඩි අපහසුතාවයට පත්වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  විදේශ ක්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන සිසුන් එම තරගාවලි සඳහා පිටත් කිරීමට යම් අරමුදලක් පිහිටුවීමේ සැලැස්මක් තිබේද යන්න එතුමා මෙම සභාවට   දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශ ක්‍රීඩා තරග සඳහා තෝරා ගනු ලබන සිසුන් : මූල්‍ය පහසුකම්

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks