E   |     |  

 දිනය: 2014-07-11   පිළිතුර ලබා දී ඇත 

4798/ 2014 - ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4798/’14

       

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

       (අ)        (i)       නොරොච්චෝ‍ලේ ගල් අඟුරු තාප  බලාගාරයේ විදුලි උත්පාදනය ආරම්භ කළ දින සිට මේ දක්වා එය අක්‍රිය වූ වාර ගණන සහ එක් එක් අවස්ථාවේදී අක්‍රියව තිබූ කාල සීමාව වෙන් වෙන් වශයෙන් කවරේද; 

        (ii)  මේ දක්වා එය අක්‍රිය වූ  අවස්ථාවන්හිදී එහි අලුත්වැඩියා කිරීම සඳහා වැය වූ මුළු මුදල ‍කොපමණද;

        (iii)  එම අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් වැය වූ මුදල බලාගාරය අක්‍රිය වූ එක් එක් අවස්ථාව අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iv)  එම අක්‍රියවීම් අදාළ උපකරණවල වගකීම් කාලය තුළ සිදු වූයේ නම්, ඉහත පරිදි  මුදල් වැය කිරීමට හේතු කවරේද;

      යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සිදුවූ අක්‍රියවීම් හේතුවෙන් එම කාල සීමාවන් තුළ වෙනත් බලාගාර ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීම සඳහා වැය කළ අතිරේක මුදල කොපමණද;

       

       

        (ii)  ඉහත තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම් හේතුවෙන් වැය වූ අතිරේක මුදල එකතු කළ විට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා කොපමණ මුදලක් වැය වී තිබේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-11

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks