E   |     |  

 දිනය: 2014-07-08   පිළිතුර ලබා දී ඇත 

4804/ 2014 - ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4804/’14

       

      ගරු අබ්දුල් හලීම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      මහනුවර දිස්ත්‍රික්කයේ, අකුරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගෙන් 70%ක් දෙමළ භාෂාව කතා කරන පිරිසක් බවත්;

      (ii) අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් හා අනෙකුත් විධායක නිලධාරීන්ගෙන් බහුතරයක් දෙමළ භාෂාවෙන් රාජකාරි කළ නොහැකි පිරිසක් බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මේ වන විට අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සේවය කරනු ලබන දෙමළ භාෂාවෙන් රාජකාරි ඉටු කිරීමට හැකි නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

       

      (ii) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-08

අසන ලද්දේ

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය: දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි නිලධාරින්

පිළිතුරු දුන් දිනය

2016-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks