E   |     |  

 දිනය: 2014-07-22   පිළිතුර ලබා දී ඇත 

4809/ 2014 - ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4809/’14

       

      ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට අයත් කුගල ගම්මානයට සපයනු ලබන පානීය ජලය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්;

                  (ii)       මේ දක්වා සපයන ලද පානීය ජලයට යකඩ මිශ්‍ර වී ඇති බවට ජනතාව පවසන බවත්;

        (iii)  එම තත්ත්වය යටතේ මේවන විට ඔවුන්ට රු. 35‍‍.00‍ ක් ගෙවා එක් පානීය ජල භාජනයක් (බූලියක්) මිලදී ගැනීමට සිදුවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ)  කුගල ගම්මානයේ පානීය ජලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-22

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුගල ගම්මානයේ පානීය ජල ගැටලුව : ක්‍රියා මාර්ග

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks