E   |     |  

 දිනය: 2014-07-22   පිළිතුර ලබා දී ඇත 

4843/ 2014 - ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4843/’14

       

      ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මොණරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර, මැදගම හා මොණරාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව ගලා බසින “කුඹුක්කන් ඔය” හරස් කර “නක්කල ජලාශය” නමින් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේද;

        (ii)  එම වාරි ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කරනු ලබන ආයතනය කවරේද;

        (iii)  මෙම ජලාශය ඉදිකිරීම තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  නක්කල ජලාශය ඉදිකිරීමේදී ඊට යටවන සමස්ත ඉඩම් ප්‍රමාණය කොපමණද;

        (ii)  එම ව්‍යාපෘතියට අදාළව  රක්ෂිතය ලෙස වෙන් කරනු ලබන ප්‍රදේශයෙන් ඉවත් කරන පවුල් සංඛ්‍යාව කොපමණද;

        (iii)  එම ව්‍යාපෘතිය වෙනුවෙන් පවරා ගනු ලබන සියලු ඉඩම් සඳහා ඒවායේ හිමිකරුවන්ට වන්දි ලබාදීමට ක්‍රියා කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-22

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නක්කල ජලාශය : අපේක්ෂිත අරමුණු

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks