පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4868/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂයේ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා ආනයනය කළ බස් රථ සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;
(iii) මේ වන විට එම බස් රථ තිබෙන ස්ථානය කවරේද;
(iv) එම බස් රථ නඩත්තුව සඳහා රජය මාසිකව වැය කරන මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් බස් රථ සියල්ලම මේ වන විටත් රජය සතුව පවතින්නේද;
(ii) නොඑසේ නම්, එම බස් රථ විකුණනු ලැබුවේද;
(iii) එසේ නම්, එකී බස් රථ අලෙවිකිරීමෙන් භාණ්ඩාගාරයට ලැබුණු මුදල කොපමණද;
(iv) එම බස් රථ අලෙවියෙන් භාණ්ඩාගාරයට අහිමි වූ මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව: ආනයනික බස් රථ
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරත් අමුණුගම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks