E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4904/ 2014 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4904/’14

       

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)          (i)       2013 වර්ෂයේදී වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා රෝහලට ජපානයේ නිෂ්පාදිත විකිරණ යන්ත්‍රයක් මිලදී ගනු ලැබුවේද;

                   (ii)       එසේ නම්, එය මිලදී ගත් දිනය කවරේද; 

      (iii) ඊට  වැය කළ මුදල කොපමණද;

      (iv) එය ගෙන්වන ලද සමාගමේ නම කවරේද;

      (v) එම යන්ත්‍රය නාවික හමුදා රෝහලට භාර ගැනීමට පෙර තත්ත්ව පරීක්ෂාවකට භාජනය කර අනුමතිය ගෙන තිබුණේද;

      (vi) එසේ  නම්, එම  අනුමතිය ලබාදුන්  අයගේ නම් හා තනතුරු කවරේද;

      (vii) විකිරණ යන්ත්‍රය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ සමාගම සමඟ වගකීමකට බැඳී තිබුණේද;

      (viii) එසේ නම්, එම වගකීම් කාල සීමාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මේ වන විට ඉහත සඳහන් යන්ත්‍රය ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතින්නේද;

      (ii) නොඑසේ නම්, එය අක්‍රිය වූ දිනය කවරේද;

      (iii) එම යන්ත්‍රය වගකීම් කාල සීමාව තුළදී අක්‍රිය වී ඇත්නම්, අදාළ සමාගම  මගින් එය නොමිලේ අලුත්වැඩියා කර ගැනීමට  හැකියාව තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) (i) එම යන්ත්‍රය මිලදී ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුවී තිබේද;

      (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?  

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වැලිසර, ශ්‍රී ලංකා නාවික හමුදා රෝහල: විකිරණ යන්ත්‍රය

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks