පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4908/’14
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල, ඇතිමලේවැව, රෝහල ඉදිරිපිට, අංක 127/1හි පදිංචි ඩබ්ලිව්. එම්. වීරසිංහ මහතා මිනුම්පති දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායකයෙකු ලෙස (ඩබ්ඊ/ඩබ්/158) සේවය කළ බවත්;
(ii) පොලොන්නරුව නව නගරයේ මිනින්දෝරු කාර්යාලයේ සේවය කරමින් සිටියදී, මිනුම්පතිගේ අංක සීජී/1/1/1/වී/460 හා 2004.08.20 දිනැති ලිපිය මගින් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) වීරසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට හේතුපාදක වූ බදුල්ල මහාධිකරණයේ පැවති අංක 91/2003 දරන නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් කළ විමර්ශනයෙන් පසු, 2012.11.02 දින ඒ මහතාව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බැවින්, වැඩ තහනමට ලක් වූ දින සිට ඔහුට හිමි හිඟ වැටුප් ලබාදීමට සහ ඔහුගේ විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-06
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks