බලන්න

E   |     |  

 දිනය: 2014-08-08   පිළිතුර ලබා දී ඇත 

4954/ 2014 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4954/’14

       

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       පුත්තලම දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව නගරයේ ඉදිකෙරෙන නව ප්‍රධාන බස් නැවතුම්පළ සඳහා ඇස්තමේන්තු කර තිබෙන මුදල කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)       එම බස් නැවතුම්පළේ ඉදිකිරීම් පවරා ඇති සමාගම කවරේද;

        (ii)  එම සමාගම විසින් එකී ඉදිකිරීම සඳහා වෙනත් ආයතනයකට උප‍ කොන්ත්‍රාත් ලබා දී තිබේද;

        (iii)  එසේ නම්, එම උප කොන්ත්‍රාත් ලබා දීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;

        (iv)  එසේ උප කොන්ත්‍රාත් ලබා දී ඇති ආයතනයේ හිමිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  (i)  ඉහත සඳහන් බස් නැවතුම්පළෙහි ඉදිකිරීම් අධීක්ෂණය කරනු ලබන ආයතනය කවරේද;

        (ii)  එම ඉදිකිරීම් නිම කිරීම සඳහා ගත වන කාලය කවරේද;

        (iii)  ඉදිකිරීම් නිමවීමෙන් පසු එම බස් නැවතුම්පළෙහි නවතා තැබිය හැකි බස් රථ සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේනම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-08

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks