බලන්න

E   |     |  

 දිනය: 2014-08-19   පිළිතුර ලබා දී ඇත 

4955/ 2014 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4955/’14

       

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වෙන්නප්පුව නගරයේ සිට කිරිමැටියාන දක්වා දිවෙන  “අළුත් මාවත” නමැති මාර්ගයේ හැමිල්ටන් ඇළ හරහා ඉදිකරනු ලබන පාලමේ සමස්ත පිරිවැය කොපමණද;

        (ii)  එම පාලමේ ඉදිකිරීම් කටයුතු පවරා ඇති ආයතනයේ නම කවරේද;

        (iii)  එම ආයතනය මගින් එකී ඉදිකිරීම සඳහා වෙනත් ආයතනයකට උප කොන්ත්‍රාත් දී තිබේද;

        (iv)  එසේ නම්, එම උප කොන්ත්‍රාත් ලබාදීම විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුව   සිදුකර තිබේද;

        (v)  ඉහත සඳහන් පාලමේ ඉදිකිරීම් අධීක්ෂණය කරනු ලබන ආයතනයේ නම කවරේද;

        (vi)  එහි ඉදිකිරීම් නිම කිරීමට ගතවන කාලය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  (i)  ඉහත අ (i) හි සඳහන් පාලමේ ඉදිකිරීම් අවසන් වනතෙක් ගමනාගමනය සඳහා තාවකාලික පාලමක් ඉදිකර තිබේද;

        (ii)  නොඑසේ නම්, වෙන්නප්පුව සිට කිරිමැටියාන දක්වා ඇති විකල්ප මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී වැඩිපුර ගමන් කළයුතු දුර ප්‍රමාණය කිලෝමීටර කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-08-19

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks