බලන්න

E   |     |  

 දිනය: 2014-09-11   පිළිතුර ලබා දී ඇත 

4958/ 2014 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4958/’14

       

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       වයඹ පළාත් සභාව මගින් පාලනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති රෝහල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම රෝහල් වෙතින්  2012 සහ 2013 වර්ෂවල දී ප්‍රතිකාර ලබා ගෙන ඇති බාහිර රෝගීන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) වයඹ පළාත් සභාව යටතේ පාලනය වන ඉහත අ(i) හි සඳහන් එක් එක් රෝහල සඳහා අනුමත වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය උපස්ථායකයින්, රෝහල් කම්කරුවන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව;

      (ii) එම රෝහල්වල ඉහත තනතුරුවලට අදාළව මේ වන විට පවතින පුරප්පාඩු සංඛ්‍යාව;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?

      (ඇ) ඉහත ආ (ii) හි සඳහන්වන පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-11

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks