බලන්න

E   |     |  

 දිනය: 2014-09-24   පිළිතුර ලබා දී ඇත 

4960/ 2014 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4960/’14

       

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වයඹ පළාත් සභාවේ ධීවර අමාත්‍යාංශය විසින් ධීවරයින් සඳහා බෝට්ටු ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන්නේද;

                  (ii)       එම  බෝට්ටු ලබාදීමට ධීවරයන් තෝරා ගන්නා ලද පදනම කවරේද;

        (iii)  එක් එක් බෝට්ටු වර්ගය සඳහා ධීවරයන් වෙත ලබා දෙන සහනාධාරයේ වටිනාකම කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  ධීවරයන්ට ලබා දෙන එම  බෝට්ටු වර්ග සහ ඒවායේ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

        (ii)  එම ධීවර බෝට්ටුවක නිෂ්පාදන පිරිවැය එක් එක් බෝට්ටු වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)    වයඹ පළාත් සභාව මගින් 2010 වර්ෂයේ සිට මේ දක්වා  ලබාදී ඇති ධීවර බෝට්ටු සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-24

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks