බලන්න

E   |     |  

 දිනය: 2015-04-09   පිළිතුර ලබා දී ඇත 

4993/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4993/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය  කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන, මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය ප්‍රාථමික පාසල් 5,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට තෝරා ගත් පාසලක් බවත්;

        (ii)  එම පාසල සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් 625,471.43 ක් වන බවත්;

        (iii)  ඒ සඳහා වන ප්‍රජා දායකත්වය රුපියල් 135,471.43 ක් බවත්;

        (iv)  මේ වන විට එම ව්‍යාපෘතිය සඳහා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රුපියල් 490,000.00 මුදලක් ගෙවා ඇති බවත්; 

      එතුමා දන්නෙහිද?        

      (ආ)  (i)  මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ඉහත සඳහන්  ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 7ක් වියදම් වූ බව පවසමින් සෑම සිසුවෙකුගෙන්ම රුපියල් 1000/=ක මුදලක් අය කර ගෙන ඇති බව දන්නේද;

        (ii)  එසේ මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයෙකුට බලයක් තිබේද;

        (iii)  එම මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;

        (iv)  එලෙස මුදල් එකතු කිරීමට බලයක් නොමැති නම්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මොරවක බෞද්ධ මහා විද්‍යාලයේ සංවර්ධන ව්‍යාපෘතිය: මුදල් එකතු කිරීම

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks