බලන්න

E   |     |  

 දිනය: 2015-04-09   පිළිතුර ලබා දී ඇත 

4994/ 2015 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 4994/’14

       

      ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       රජයේ පාසලක් වසා දැමීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය කවරේද;  

                  (ii)       එම ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කරන අයෙකුට ලබා දිය හැකි දඬුවම් හෝ එරෙහිව ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග කවරේද;  

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  2014 ජනවාරි මාසයේ දී දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලය වසා දැමීමට එවකට සිටි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කටයුතු කර ඇති බව දන්නේද;

        (ii)  එම විදුහල වසා දැමීමට අදාළව බලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ හේතු කවරේද;

        (iii)  එම විදුහල වසා දැමීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදු වී තිබේද;

        (iv)  නොඑසේ නම්, අදාළ බලධාරීන්ට විරුද්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  (i)  පාසලක් වසා දැමීමට වඩා එය ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත්වන බැවින් අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු නොකළේ මන්ද;

        (ii)  එම විදුහල නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද; 

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලය : යළි ඇරඹීම

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks