පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5029/’14
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වන විට එම කලායතන අතරින් ක්‍රියාත්මක මට්ටමේ පවතින කලායතන සංඛ්‍යාව කොපමණද;
(iii) පසුගිය වර්ෂ 5 තුළදී වැසී ගොස් ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;
(iv) එම කලායතන වැසී යෑමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතන වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමක් සිදු කරන්නේද;
(ii) එසේ නම්, එක් කලායතනයක් වෙනුවෙන් වාර්ෂිකව ලබා දෙන මුදල කොපමණද;
(iii) එම මුදල අවසන් වරට වැඩි කරන ලද වර්ෂය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) රජයේ ලියාපදිංචි කලායතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රමවේදය සහ ඊට සම්බන්ධ වී කටයුතු කරන නිලධාරීන් කවුරුන්ද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-23
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංස්කෘතික හා කලා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලියාපදිංචි කලායතන: විස්තර
පිළිතුරු දුන් දිනය
2014-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks