පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5032/’14
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට සිටින මී ගව ගහනය කොපමණද;
(ii) වැඩිම මී ගව ගහනයක් සිටින දිස්ත්‍රික්ක පහ අනුපිළිවෙළින් කවරේද;
(iii) රජයේ ගොවිපළවල් යටතේ ඇති කරනු ලබන මී ගවයින් සංඛ්‍යාව කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ ඇති කරනු ලබන මී ගව වර්ගයන්හි (breeds) නම් කවරේද;
(v) වාර්ෂික මී කිරි නිෂ්පාදනය ලීටර් කොපමණද;
(vi) මී ගවයින්ගේ කිරි සහ එළ ගවයින්ගේ කිරි පෝෂණීය ගුණයෙන් එකිනෙක වෙනස් වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මී ගව සම්පත දේශීය කිරි නිෂ්පාදනය තුළ කාර්යක්ෂමව යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් පවතින්නේද;
(ii) එසේ නම්, ඒ යටතේ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද;
(iii) මී ගවයින් සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් 2013 වර්ෂයේදී වැය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-25
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks