E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

5033/ 2014 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5033/’14

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හා ලියාපදිංචිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේද;

        (ii)  එසේ නම්, මේ වන විට ලියාපදිංචි කර ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සංඛ්‍යාව කොපමණද;  

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල කටයුතු අධීක්ෂණය කිරීමක් සිදු කරන්නේද;

        (ii)  එම ආයතන වෙතින් රෝගීන්ට නිරවද්‍යතාවයෙන් යුතු වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ අවස්ථාව සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

        (iii)  නිරවද්‍ය වෛද්‍ය වාර්තා ලබා දීමට අපොහොසත් වන ආයතන සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

        (iv)  වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේදී අක්‍රමිකතා සිදු කරනු ලබන ආයතන සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතනයක් තිබේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2014-10-30

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., , පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks