E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5095/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5095/’14

      ගරු අනුර දිසානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      පසුගිය වර්ෂ 5 තුළ ශ්‍රී ලංකා රජයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ කවර හෝ තානාපති කාර්යාලයකට, විදේශ රටවල් තුළ මෙරට කෙරෙහි  ධනාත්මක ආකල්ප ගොඩනැගීම වෙනුවෙන් උපදෙස් ලබාදීම සඳහා කවර හෝ විදේශ සමාගමක සේවය ලබා ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම සමාගමේ නම කවරේද;

      (iii) එම සමාගම අයත් රට කවරේද;

      (iv) එම සමාගම තෝරා ගනු ලැබූ ආකාරය කවරේද;

      (v) එවැනි සමාගමක සේවය ලබා ගැනීමේ අරමුණු කවරේද;

      (vi) ඉහත සඳහන් කටයුතු වෙනුවෙන් එකී සමාගමට ගෙවන ලද මුදල් ප්‍රමාණය කොපමණද;

      (vii) ඊට අදාළව මුදල් වැය කිරීම සිදු කළ වැය ශීර්ෂය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයට උපදෙස් දීමට සේවය ලබාගත් විදේශීය සමාගම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks