E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5096/ 2015 - ගරු අනුර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5096/’14

       

      ගරු අනුර දිසානායක මහතා,— ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

      (අ)          (i)      2014 අයවැය ලේඛනය මගින් ලෝක ආහාර සංවිධානය වෙත පරිත්‍යාග කරනු ලබන බවට යෝජනා කළ සහල් ප්‍රමාණය කොපමණද;

                  (ii)      ඒ අනුව, මේ වන විට පරිත්‍යාග කර ඇති සහල් ප්‍රමාණය කොපමණද;

      (iii) එම සහල් තොගය මිලදී ගනු ලැබූවේ කුමන ආයතනයක් වෙතින්ද;

      (iv) එම සහල් තොගය වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලැබුවේ නම්,  ඒ සඳහා වී අලෙවි මණ්ඩලය විසින් වැය කළ මුදල කොපමණද;

      (v) එම සහල් තොගය සඳහා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති මුදල කොපමණද;

      (vi) ඒ අනුව එම සහල් මෙට්‍රික් ටොන් එකක් සඳහා වැය කරන ලද මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආහාර සුරක්ෂිතතාව

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලෝක ආහාර සංවිධානයට පරිත්‍යාග කළ සහල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2015-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks