E   |     |  

 දිනය: 2014-11-18   පිළිතුර ලබා දී ඇත 

5103/ 2014 - ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5103/’14

       

      ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් සිසුන්ගේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමක් සිදු කරනු ලබන්නේද;

      (ii) එසේ නම්, 2013 වර්ෂයේදී හා 2014 වර්ෂයේ මේ දක්වා ලබාදී ඇති එම ශිෂ්‍යත්ව සංඛ්‍යාව කොපමණද;

       

      (iii) එම ශිෂ්‍යත්වලාභී සිසුවෙකුට මාසිකව හිමි වන මුදල කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) (i) ඉහත සඳහන් ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ යුතු ආකාරය කවරේද;

      (ii) එම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා සිසුන් තෝරා ගන්නා ක්‍රමවේදය කවරේද;

      (iii) එම සිසුන් අතට ශිෂ්‍යත්ව මුදල් මාසිකව ලබාදීම සිදු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-18

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks