පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5147/’14
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වන විට ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පිරිස අතරින් නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සංඛ්‍යාව කොපමණද;
(iii) සෑම සරසවි සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවට මහින්ද චින්තනයෙන් සහ වර්ෂ 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් පොරොන්දුවක් ලබා දී ඇති බව දන්නේද;
(iv) එම පොරොන්දුව යථාර්තයක් බවට පත් කිරීම සඳහා වර්ෂ 2006 සිට 2013 දක්වා කාල සීමාව තුළ දී ගෙන ගිය වැඩපිළිවෙළ කවරේද;
(v) සෑම සරසවි සිසුවෙකුටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමේ අරමුණ වෙත ලඟාවීම සඳහා එම වැඩපිළිවෙළ ප්‍රමාණවත් වී නොමැති බව දන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත අ(iii) හි සඳහන් පොරොන්දු පරිදි නේවාසිකාගාර නොලැබුණු සිසුන්ට එම පහසුකම් ලබා දෙන තෙක් අවම වශයෙන් රුපියල් දෙදහසක (රු. 2000/=) මාසික දීමනාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-01
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks