E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

5172/ 2014 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5172/’14

       

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)    (i)       සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිණිස වූ පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීම අවසන් කර තිබේද;

                  (ii)       එසේ නම්, එම කෙටුම්පත අධිකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්නේද;

        (iii)  සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නීති පැනවීම සඳහා ප්‍රමාදයක් සිදු වීමට හේතුව කවරේද;

        (iv)  එකී ප්‍රමාදය සඳහා වගකිවයුතු නිලධාරීන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ  මන්ද?

       

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks