E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

5184/ 2014 - ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5184/’14

       

      ගරු තලතා අතුකෝරල මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කුඩා තේ ඉඩම්වල පාංශු හා ජල සංරක්ෂණයට රජයේ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් 2014 අයවැය යෝජනාවලට ඇතුළත් කර තිබේද;

        (ii)  එසේ නම්, තේ අක්කරයකට ලබා දෙන මුදල කොපමණද;

        (iii)  මේ වන විට එම වැඩ සටහන ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක කවරේද;

        (iv)  එම දිස්ත්‍රික්ක අතරින් ඉහත සහනාධාර මුදල සම්පූර්ණයෙන් ලබා දී ඇති හා කොටස් වශයෙන් ලබා දී ඇති දිස්ත්‍රික්ක වෙන් වෙන් වශයෙන් කවරේද;

        (v)  එම සහනාධාරය ලබා දෙන කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

      (ආ)  දිස්ත්‍රික්ක 08 ක කුඩා තේ වතු හිමියන් සඳහා එම සහනාධාර මුදල ලබා දිය යුතු නමුත්, පසුගිය කාලයේ පළාත් සභා මැතිවරණ පැවති දිස්ත්‍රික්ක සඳහා පමණක් ඊට අදාළ අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස දන්වා ඇති අතර සෙසු දිස්ත්‍රික්ක තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks