පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5227/’14
ගරු තිස්ස අත්තනායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2014.05.12 දිනට යෙදී තිබූ “පවුල් සෞඛ්‍ය සේවා දිනය” වෙනුවෙන් ජනාධිපතිවරයාට තිළිණයක් ප්‍රදානය කිරීම සඳහා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එහි සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් රු. 5000ක මුදලක් එකතු කර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායෙහි සේවයේ නියුතු සමස්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත සඳහන් පරිදි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් අය කර ඇති මුළු මුදල කොපමණද;
(iv) එම මුදලින් ජනාධිපතිවරයාට ලබා දී ඇති ත්‍යාගය කවරේද;
(v) මෙවැනි තිළිණයක් ලබා දීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයේ නිලධාරිනියන් කටයුතු කිරීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයේ සභාපතිනියගේ නම කවරේද;
(ii) ඇය සතු සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-18
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks