E   |     |  

 දිනය: 2015-04-21   පිළිතුර ලබා දී ඇත 

5245/ 2015 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5245/’14

       

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       1995.10.11 දින සිට ක්‍රියාත්මක වූ ගොවි විශ්‍රාම වැටුපට අදාළ නව වැඩපිළිවෙළ අනුව එම වැටුප ලබමින් සිටියදී මිය ගිය අයෙකුගේ කලත්‍රයාට හෝ යැපෙන්නාට හිමි මාසික විශ්‍රාම වැටුප 2014.01.01 දින සිට ගෙවීමට ක්‍රියා කරන්නේද;

      (ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) (i) 2014.01.01 දින සිට ආරම්භ වූ නව වැඩපිළිවෙළ අනුව 1987 වර්ෂයේ දී  එවකට විසිහත්වන වියේ සිටියදී  එකව‍ර  රු. 3400/- ක මුදලක් ගෙවා ගොවි විශ්‍රාම වැටුප් හිමිකම ලැබූ අයෙකු, 2010 වර්ෂයේදී එවකට හතලිස් පස්වන වියේ  සිටියදී එකව‍ර රු. 5740/- ක මුදලක් ගෙවා ඊට  දායක වූ අයෙකු සහ  1987 වර්ෂයේදී  විසිහත්වන වියේ සිටියදී ගොවි විශ්‍රාම වැටුපට අර්ධ වාර්ෂික වාරිකය ලෙස රු. 175/- ක මුදලක් ගෙවමින් සිටි අයෙකු ඔවුන්ගේ විශ්‍රාම වැටුපට හිමිකම්  ලබා ගැනීම සඳහා අමතර මුදලක් ගෙවිය යුතු වන්නේද;

      (ii) එසේ නම්, ඉහත සඳහන් එම එක් එක් අවස්ථාවට අදාළව, එම පුද්ගලයින් ගෙවිය යුතු මුදල වෙන් වෙන් වශයෙන්  කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks