පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5264/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නකල්ස් වන රක්ෂිත ප්‍රදේශයේ එනසාල් වගාවේ නිරතව සිටි හත්සියයකට ආසන්න පවුල් සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බවත්;
(ii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ නකල්ස් රක්ෂිතයේ එනසාල් වගා තහනම සහ ඉන්දියාවෙන් අධික ලෙස එනසාල් ආනයනය කිරීම අතර යම් සම්බන්ධයක් ඇති බවත්;
(iii) බ්‍රිතාන්‍ය පාලකයන්ගේ කාලයේ සිට අවුරුදු 75 කට අධික කාලයක් තිස්සේ පවුල් හයසියයකට අධික ප්‍රමාණයකගේ ආර්ථික සුබසිද්ධියට ඉවහල්ව තිබූ එම එනසාල් වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් එනසාල් වගාවට සහ එම වගාකරුවන්ගේ සුබසිද්ධියට අදාළව කිසියම් පියවරක් ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-20
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සුළු අපනයන භෝග ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks