පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5348/’14
ගරු අනෝමා ගමගේ මහත්මිය,— සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුඹල් කර්මාන්තයෙන් යැපෙන පිරිස් ජීවත් වන ගම්මාන කවරේද;
(ii) එම කර්මාන්තයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) කුඹල් කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙසෙන ගම්මානවලින්ම කුඹල් කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි සපයා ගනු ලබන්නේද;
(ii) නොඑසේ නම්, එම කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි මිලදී ගනු ලබන්නේද;
(iii) මැටි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළ පිළිබඳ පවතින ගැටලු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) කුඹල් කර්මාන්තය, මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සහ අවශ්‍ය මැටි සපයා ගැනීම ආදිය සඳහා රජයෙන් ලබාදෙන සහාය කවරේද;
(ii) මැටි භාණ්ඩ භාවිතය පිළිබඳව ජනතාව තුළ උනන්දුවක් ඇති කිරීමට රජයේ වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-19
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks