පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5349/’14
ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින තුළ පවත්වාගෙන යන කුඩා ජල විදුලි බලාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම ජල විදුලි බලාගාර තිබෙන දිස්ත්‍රික්කය, ස්ථානය, ඊට සම්බන්ධිත ජල මාර්ගය හා ඒවා මගින් ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලි ධාරිතාව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමිය සභාගත කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් කුඩා ජල විදුලි බලාගාර අතර රජය යටතේ ක්‍රියාත්මක වන බලාගාර තිබේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
(iii) පෞද්ගලික අංශයේ කුඩා විදුලි බලාගාර ආරම්භ කිරීම සඳහා අනුමතිය ලබා දීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත කවරේද;
(iv) එම බලාගාර ඉදිකිරීම නිසා පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව පසු විපරමක් සිදු කරන්නේද;
(v) එසේ නම්, එය සිදු කරන ආකාරය කවරේද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-24
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks