පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5418/’14
ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා බලපාන ව්‍යවස්ථාපිත නීතිය කවරේද;
(ii) එම නීතිමය තත්ත්වය යටතේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නියාමන මණ්ඩලයේ සිටින සාමාජිකයින් කවුරුන්ද;
(iii) නීතිමය තත්ත්වය යටතේ අදාළ නියාමන මණ්ඩලය කොපමණ කාලයකට වරක් රැස් වන්නේද;
(iv) පසුගිය වසර තුළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නියාමන මණ්ඩලය රැස් වී ඇති වාර ගණන කොපමණද;
(v) අදාළ රැස්වීම් වාර සඳහා ශිෂ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයක් සිදු වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ මුදල් පෞද්ගලික සමාගම්වල ආයෝජනය කර ඇත්නම්, එසේ කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභය කවරේද;
(ii) එම ආයෝජන තුළින් යම් අලාභයක් සිදු වී ඇත්නම්, අදාළ අලාභය සඳහා වග කියනු ලබන අය කවුරුන්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-05
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks