පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5435/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 ජනවාරි සිට ජුනි දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගෙන ඇති තාර බැරල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම තාර ප්‍රමාණය මිලදී ගැනීමට වැය කළ මුදල කොපමණද;
(iii) එම තාර බැරල් සියල්ල අලෙවි කිරීමට සුදුසු තත්ත්වයෙන් පැවතියේද;
(iv) නොඑසේ නම්, අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ තිබූ තාර බැරල් සංඛ්‍යාව කොපමණද;
(v) එම තාර බැරල් විකිණීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සඳහන් තාර සැපයූ ආයතනය තෝරා ගැනීමට අනුගමනය කළ පිළිගත් ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2013 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා තාර බැරල් අලෙවි කිරීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ දක්වා අයවීමට ඇති මුදල කොපමණද;
(ii) අය විය යුතු එම මුදල් ප්‍රමාණය එක් එක් ආයතනය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව : තාර විකිණීම
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks