පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5441/’14
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ, අලුවිහාරේ, ශ්‍රී සරණංකර පාර හා එගොඩගම පාර අතර අතුරු මාර්ගයේ, තාඹරවල්ලිය කන්දේ සිට ගලා බසින ඇළ හරහා පාලමක් ඉදිකර ඇති බවත්;
(ii) පාලමේ එක් පසකින් මාර්ගයක් තිබුණද, අනෙක් පසින් යාමට හෝ ඒමට මාර්ගයක් සකස් කර නොමැති බවත්;
(iii) එම පාලම ඉදිකිරීම සම්බන්ධව කිසිදු දැන්වීමක් / පුවරුවක් සවි කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් පාලමේ,
(i) ඉදිකිරීමට අදාළ සැලසුම් සකස් කළ ආයතන හෝ පුද්ගලයන් කවුරුන්ද;
(ii) ඉදිකිරීම් කවුරුන් විසින් සිදු කළේද;
(iii) වැඩ ආරම්භ කළ දිනය සහ වැඩ අවසන් කළ දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) දිග හා පළල කොපමණද;
(v) ඉදිකිරීම් සඳහා වැය කළ මුදල කොපමණද;
(vi) ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සපයාගත් ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එකී පාලම ඉදිකිරීමෙන් ජනතාවට අත් වන ප්රතිලාභ කවරේද;
(ii) එම පාලමට සම්බන්ධ මාර්ගයේ ඉදිරි කොටස සකස් කිරීමට පියවර ගන්නේද;
(iii) ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද;
(iv) ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-18
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks