බලන්න

E   |     |  

 දිනය: 2015-04-07   පිළිතුර ලබා දී ඇත 

5501/ 2015 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5501/’14

       

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම පිණිස භාවිතා කරන නිර්ණායකය කවරේද;

                  (ii)       ඒ සඳහා භාවිතා කරන එකම නිර්ණායකය අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී ලබා ගන්නා Z අගය නම්, දිස්ත්‍රික් පදනම යටතේ බඳවා ගැනීමේදී, සිසුන් අඩුවෙන් බඳවා ගන්නා දිස්ත්‍රික්කවල සිසුන්ගෙන් ඉතා ඉහළ Z අගයකුත්, වැඩිපුර සිසුන් බඳවා ගන්නා දිස්ත්‍රික්කවල සිසුන්ගෙන් ඉතා පහළ Z අගයකුත් සීමා ලෙස යොදා ගැනීම තුළ, අඩුවෙන් බඳවා ගන්නා දිස්ත්‍රික්කවල සිසුන්ට අසාධාරණයක් සිදුවන බව පිළිගන්නේද;

        (iii)  එසේ නම්, එම අසාධාරණය ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2015-04-07

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායකය: ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ

පිළිතුරු දුන් දිනය

2015-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks