E   |     |  

 දිනය: 2014-11-20   පිළිතුර ලබා දී ඇත 

5597/ 2014 - ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 5597/’14

       

      ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2014.06.15 දින හා ආසන්න දිනවලදී අළුත්ගම, දර්ගා නගරය සහ වැලිපැන්න ප්‍රදේශවල ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම්, එහි වත්මන් තත්ත්වය කවරේද;

       (ii) ඉහත සිදුවීම් ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අනුබල දුන් අය හා පහරදීම් සිදුකළ  අය හඳුනාගෙන තිබේද;

      (iii) ඔවුන් කවුරුන්ද;

      (iv) ඔවුන්ට එරෙහිව ගත් නීතිමය පියවර  කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) හානියට පත්වූ  නිවාස, ව්‍යාපාරික ආයතන හා  වාහන සංඛ්‍යාව කොපමණද;

      (ii) එයට අදාළව ඇස්තමේන්තුගත හා ගෙවා ඇති වන්දිවල වටිනාකම වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

       (iii) හානිවූ  නිවාස සහ ව්‍යාපාරික ස්ථාන යථා තත්ත්වයට පත්කර තිබේද;

      (iv) එම සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) උක්ත  සිදුවීමේදී,

      (i) මිය ගිය සහ තුවාලවූ සංඛ්‍යාව කොපමණද;

      (ii) එක් මරණයක් වෙනුවෙන් ගෙවූ වන්දි මුදල කොපමණද;

      (iii) නොඑසේ නම්, ගත් ක්‍රියාමාර්ග කවරේද;

      (iv) මරණයට පත් අයගේ ළඟම ඥාතියා වෙත එම වන්දිය ලබා දී තිබේද;

      (v) අවතැන්වූ සිංහල හා මුස්ලිම් පවුල් සංඛ්‍යාව කොපමණද;

      (vi) වාර්තාකරණයේ යෙදී සිටියදී, ප්‍රහාරයට ලක් වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද;

      (vii) හානියට පත් මාධ්‍ය උපකරණ වෙනුවෙන් වන්දි ලබා දෙන්නේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2014-11-20

අසන ලද්දේ

ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks