පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5598/’14
ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ, දොඩන්ගොඩ පිවිසුම් ස්ථානයෙන් මතුගම - කළුතර ප්‍රධාන මාර්ගයට පැමිණීමෙන් පසු, මතුගම දෙසට මීටර් 50 පමණ දුරින් පිහිටි පෞද්ගලික ඉඩමක කලක සිට මාර්ගය අවහිර වනසේ පස් කන්දක් තිබෙන බවත්;
(ii) එම පස් කන්ද, මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට හා පදිකයන්ට අවහිරයක් බවත්;
(iii) එම පස් කන්ද හේතුවෙන් එම ස්ථානයේ රිය අනතුරු සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මාර්ගය අවහිර වන සේ ඇති ඉහත පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-21
අසන ලද්දේ
ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks